නෙළුවෙමු පිදුවෙමු බුදුරූ බැතියෙන්

පළමු අදියර : සංගීතමය සංග්‍රහය “විශ්ව පාරමී සංගීත කණ්ඩායම” විසින් දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාසවෙත ගොස්, මානසිකව හෙම්බත්වී සිටින අසරණ වැඩිහිටියනට, සංගීතය රසවිඳීම තුලින් යම් හෝ මානසික සන්සුන්බවක් සහ සුවයක් ලබාදීම සඳහා සංගීත සැසි පැවැත්වීම. දෙවන අදියර : භාවනාව හඳුන්වාදීම වැඩිහිටි නිවාස, වැඩිහිටි භාවනා යෝගාශ්‍රම බවට පත්කිරීම සඳහා වැඩිහිටි නිවස වෙතම ගොස් පුළුල් තිර භාවිතයෙන් …

පළමු අදියර : සංගීතමය සංග්‍රහය

“විශ්ව පාරමී සංගීත කණ්ඩායම” විසින් දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාසවෙත ගොස්, මානසිකව හෙම්බත්වී සිටින අසරණ වැඩිහිටියනට, සංගීතය රසවිඳීම තුලින් යම් හෝ මානසික සන්සුන්බවක් සහ සුවයක් ලබාදීම සඳහා සංගීත සැසි පැවැත්වීම.

දෙවන අදියර : භාවනාව හඳුන්වාදීම

වැඩිහිටි නිවාස, වැඩිහිටි භාවනා යෝගාශ්‍රම බවට පත්කිරීම සඳහා වැඩිහිටි නිවස වෙතම ගොස් පුළුල් තිර භාවිතයෙන් කරුණු පැහැදිලි කිරීම.

තෙවන අදියර : ධර්මදර භික්ෂුන් වැඩමවීම

තම ඥාති පරම්පරාවෙන් ඈත් වන්නට සිදුවී, දේපළ ආදි හරිහම්බකරගත් සියල්ල අහිමිවී, දුක් සෝ සුසුම් මැද පීඩනයට ලක්ව සිටි වැඩිහිටි නිවාසවල වෙසෙන මව්, පියවරුන් සොයාගොස් ඔවුනගේ අධ්‍යාත්මය දහමින් පෝෂණය කර, ඔවුන්ගේ දැවුනු තැවුනු ආත්මය නිවාලන “ධම්ම පාරමී” සමාජ පෙරළියයි “පින්සාර සැන්දෑව” ලෙසින් හඳුන්වනුයේ. දෛවෝපගත කර්ම නිසාම වැඩිහිටි නිවසක තම ජීවිතයේ අවසන් කාලය ගතකිරීමට සිදුවුවත්, කිසිදු ආයාසයකින් තොරව නිදහසේ ජිවත් වෙමින් කල්‍යාණ මිත්‍ර උපකාරයෙන්, මැනවින් ශීලයක් ආරක්ෂා කරමින්, හෙට දිනයේ සුගතියක් පිළිඹඳ නියත විශ්වාසයක් ඇතිකර ගැනීමට හැකිවන භූමියකි.

වැඩිහිටි නිවාස එවන් ක්ෂේම භුමි බවට පත් කිරීම සඳහාම ධම්ම පාරමී අප විසින් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන එක් වැඩිහිටි නිවාසයකට මසකට වරක් හෝ දෙවරක් මහා සංඝරත්නය වැඩම කරවමින් එහි වෙසෙන දෙමාපියන් ධර්මයෙන් පෝෂණය කරවීම සිදුකරනු ලබයි.

සිව්වන අදියර : භාවනා කමටහන් ලබාදීම

මෙසේ දිනෙන් දින ධර්මයෙන් පෝෂණය වන පින්වත් මව් පියවරුන් හට තව තවත් තමන්ගේ භාවනාව තියුණු කර ගැනීමට හැකි වන පරිදි, භාවනා කමටහන් ලබාගැනීමේ පහසුකම් සළසමින් කම්මට්ඨානාචාර්‍ය ස්වාමින් වහන්සේලා වැඩමකරවමින් වැඩිහිටි නිවස සඳහා කමටහන් ලබා ගැනීමට ඉඩ හසර සළසා දීම.

test

To achieve this, it would be necessary to have uniform grammar, pronunciation and more common words. If several languages coalesce, the grammar of the resulting language is more simple and regular than that of the individual languages. The new common language will be more simple. It will be as simple as Occidental; in fact, it will be Occidental. To an English person, it will seem like simplified English, as a skeptical Cambridge friend of mine told me what Occidental is. The European languages are members of the same family.

2017 ඉල් මස 9 දින ධම්ම පාරමී අපට සුවිශේසී දිනයක් වුනා.ඒ බුද්ධ ශාසනයක ඇති උතුම් ආමිස පුජා වශයෙන් අණු දැන වදාළ අට මහා කුසලයට ගැනෙන බුද්ධ ප්‍රතිමා නෙලීම සහ පුජා කිරීමේ මා හැඟී පුණ්‍ය කර්මයයි.

මේ මහා කුසළ කර්මය නාත්තන්ඩිය “අරණ” භාවනා මද්‍යස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් සුභ මොහොති ඇරඹුණි.

විවිධ ප්‍රමාන වලින් නෙළන ලද බුද්ධ ප්‍රතිමා දිවයින පුරා පන්සල්, භාවනා මද්‍යස්ථාන වැනි ආගමික මධ්‍යස්ථාන සඳහා පුජා කිරීම ධම්ම පාරමී පින් ගඟුලේ තවත් එක් පුණ්‍ය කර්මයකි.

කර්ම කර්මඵල විශ්වාසයෙන් කරණ ලද මෙම කුසලයේ ආනිශංස ඔබට දැන ගැනීමට ලැබීමෙන් එම කුසලය මහත් ඵල මහානිශංස කරගත හැක.  එනම්;

  • චක්‍රවර්ති රජ කෙනෙක්ගේ ධනය මුළු ලොව පුරා තිබුනද, එය යම් දිනක නැසී වැනසී ගිය හැකි වුවත්,
  • ලොව ඇති සියළු සාගර ජලය කිසියම් මිම්මකින් මැන අවසන් කළ හැකි වුවත්,
  • මුළු පෘතුවියම කුඩු කොට උඳු, මුන් ඇට සමාන කොට ගණන් කළ හැකි වුවත්, බුදු පිළිම ඉදිකර පුජා කිරීමේ ආනිශංස ගණන් කළ නොහැකිය.
  • එසේම, බුදු පිළිම කරවූ අයෙකු තිරිසන්, ප්‍රේත, අසුර, නිරය වැනි සතර අපාවල නූපදින්නේය.
  • තවද, බුදු පිළිම නෙලා පුජා කිරීමේ ආනිශංස වශයෙන් උපදින සෑම ආත්මයකදීම සැමගේ ගෞරවයට පාත්‍රවන මනා රූප සම්පත්තියක් ලබන අතර රං රිදී මුතු මැණික් ආදී වස්තුව ලබන්නේය.
  • උසස් ජාති කුල වළ උපදින්නේය. අංග විකලව නූපදින්නේය. මව් කුසක යම් භවයක් ලබන්නේ නම් මවටද කිසිදු පිඩාවක් නොවන්නේය. උපදින් සෑම භාවයකදිම නැණ නුවන ප්‍රඥාව ඇතිව උපදින්නේය.
  • දිව්‍ය ආත්මයක් ලැබුවද සක් දෙවිඳු මෙන් සිතූ පැතූ සම්පත් ලබන්නේය.
  • නිවන් දකින යම් භවයක සිය පිරිවර සමඟ සසුන්ගතව ඉර්ධි බල සහිතව සිව් පිළිසිම්බියාපත් රහත් භාවයෙන් උතුම් නිවනට පැමිණීමට භාග්‍ය ලබන්නේය.

About Dhamma Parami

“Dhamma Paramī” Foundation has been able to bring spiritual peace to countless helpless individuals in silence.

Get in Touch with Us

We’d love to hear from you—share your thoughts or ask a question!


Malitha Malitha

Malitha Malitha