පින්සාර සැන්දෑව

දිවයිනපුරා විසිරී තිබෙන වැඩිහිටි නිවාස,“වැඩිහිටි භාවනා යෝගාශ්‍රම” බවට පත්කිරීමේ මහා පූජෝපහාරය.

Anna Rue
Anna Rue

We are committed to providing our patients with the highest quality of care.

Share:

මෙහිදී පහත සඳහන් අදියරයන් ක්‍රියාත්මක කරනු ලැබේ.

පළමු අදියර : සංගීතමය සංග්‍රහය

“විශ්ව පාරමී සංගීත කණ්ඩායම” විසින් දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාසවෙත ගොස්, මානසිකව හෙම්බත්වී සිටින අසරණ වැඩිහිටියනට, සංගීතය රසවිඳීම තුලින් යම් හෝ මානසික සන්සුන්බවක් සහ සුවයක් ලබාදීම සඳහා සංගීත සැසි පැවැත්වීම.

දෙවන අදියර : භාවනාව හඳුන්වාදීම

වැඩිහිටි නිවාස, වැඩිහිටි භාවනා යෝගාශ්‍රම බවට පත්කිරීම සඳහා වැඩිහිටි නිවස වෙතම ගොස් පුළුල් තිර භාවිතයෙන් කරුණු පැහැදිලි කිරීම.

තෙවන අදියර : ධර්මදර භික්ෂුන් වැඩමවීම

තම ඥාති පරම්පරාවෙන් ඈත් වන්නට සිදුවී, දේපළ ආදි හරිහම්බකරගත් සියල්ල අහිමිවී, දුක් සෝ සුසුම් මැද පීඩනයට ලක්ව සිටි වැඩිහිටි නිවාසවල වෙසෙන මව්, පියවරුන් සොයාගොස් ඔවුනගේ අධ්‍යාත්මය දහමින් පෝෂණය කර, ඔවුන්ගේ දැවුනු තැවුනු ආත්මය නිවාලන “ධම්ම පාරමී” සමාජ පෙරළියයි “පින්සාර සැන්දෑව” ලෙසින් හඳුන්වනුයේ. දෛවෝපගත කර්ම නිසාම වැඩිහිටි නිවසක තම ජීවිතයේ අවසන් කාලය ගතකිරීමට සිදුවුවත්, කිසිදු ආයාසයකින් තොරව නිදහසේ ජිවත් වෙමින් කල්‍යාණ මිත්‍ර උපකාරයෙන්, මැනවින් ශීලයක් ආරක්ෂා කරමින්, හෙට දිනයේ සුගතියක් පිළිඹඳ නියත විශ්වාසයක් ඇතිකර ගැනීමට හැකිවන භූමියකි.

වැඩිහිටි නිවාස එවන් ක්ෂේම භුමි බවට පත් කිරීම සඳහාම ධම්ම පාරමී අප විසින් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන එක් වැඩිහිටි නිවාසයකට මසකට වරක් හෝ දෙවරක් මහා සංඝරත්නය වැඩම කරවමින් එහි වෙසෙන දෙමාපියන් ධර්මයෙන් පෝෂණය කරවීම සිදුකරනු ලබයි.

සිව්වන අදියර : භාවනා කමටහන් ලබාදීම

මෙසේ දිනෙන් දින ධර්මයෙන් පෝෂණය වන පින්වත් මව් පියවරුන් හට තව තවත් තමන්ගේ භාවනාව තියුණු කර ගැනීමට හැකි වන පරිදි, භාවනා කමටහන් ලබාගැනීමේ පහසුකම් සළසමින් කම්මට්ඨානාචාර්‍ය ස්වාමින් වහන්සේලා වැඩමකරවමින් වැඩිහිටි නිවස සඳහා කමටහන් ලබා ගැනීමට ඉඩ හසර සළසා දීම.

test

To achieve this, it would be necessary to have uniform grammar, pronunciation and more common words. If several languages coalesce, the grammar of the resulting language is more simple and regular than that of the individual languages. The new common language will be more simple. It will be as simple as Occidental; in fact, it will be Occidental. To an English person, it will seem like simplified English, as a skeptical Cambridge friend of mine told me what Occidental is. The European languages are members of the same family.

Get in Touch with Us

We’d love to hear from you—share your thoughts or ask a question!


Malitha Malitha

Malitha Malitha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *